මහත් ආන්දෝලනයට තුඩු දුන් කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ 58 හැවිරිදි දෙදරු මවක වන නයනා නිල්මිණි සහ උසස් පෙළ සිසුවියක වූ සහ ඇයගේ දියණිය වූ කාවින්ධ්‍යා චතුරංගනී සෙල්ලහේවා කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මෙන්ම ජෝන් සෙනෙවිරත්න ඇමතිවරයාගේ සම්බන්ධීකරන ලේකම් ලොකුගම් හේවගේ ධර්මසිරි නමැති සැකකරු පැල්මඩුල්ල මහෙස්‌ත්‍රාත් නෙරන්ජලා චාන්දනී ඩයස් මහත්මිය විසින් ඊයේ (02) නිදහස් කරන ලදී.
නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් මත එසේ නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරිය ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර පසුව ගම්පහ හේනගමදී අතුරුදන් වූ ජයසේකර විදානලාගේ සනත් නන්දන නමැති සැකකරුද නිදහස් කර හරිනු ලැබුවාය.
පසුගිය වසරේ ජනවාරි 31දා මෙම ඝාතන සිදුවී තිබිණ.
මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ ආරක්‍ෂක අංශ සහ රහස් පොලිසිය මෙම ඝාතන සම්බන්ධයෙන් සැකපිට ලොකුගම්හේවගේ දර්ශන නොහොත් රාජු, ඔහුගේ බිරිඳ වන රසිකා චාන්දනී මොරපිටියගේ, ජයසේකර විදානෙලාගේ සනත් නන්දන සහ ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ එවකට මන්ත්‍රීවරයෙකු වූ මෙන්ම පළමු සැකකරුගේ සොහොයුරෙකු වන එල්. එම්. ධර්මසිරි නමැති අය අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටියහ.
2012 පෙබරවාරි මාසයේ රක්‍ෂිත සිර භාරයට පත්වූ මෙම සිවුදෙනාගෙන් දෙවැනි සැකකාරියට සහ තුන්වැනි සැකකරුට ඉකුත් දෙසැම්බර් 12දා රත්නපුර මහාධිකරණ විනිසුරු මොහාන් සෙනෙවිරත්න මහතා විසින් ඇප නියම කරන ලදී.
එල්. එච්. ධර්මසිරි සහ සනත් නන්දන යන දෙදෙනා මින් ඉදිරියට මෙකී පැමිණිල්ල විභාගයේදී සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු නොවන බවට වූ නීතිපති නියෝගය අධිකරණයට ඉදිරිපත් කෙරිණි. වසරකට අධික කාලයක් බන්ධනාගාරගතව සිටි ධර්මසිරි නමැති අය අධිකරණයට හිසනමා ආචාර කොට නියෝගය පිළිගත්තේය.
මෙම සිද්ධියට අදාළව නැවත පැමිණිල්ල කැඳවීම අප්‍රේල් 09 දාට කල් තැබිණි. ඉහත නිදහස ලැබූ සනත් නන්දනගේ ඇපකරුවෝද නිදහස් කරනු ලැබූහ. මෙකී පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙනී සිටියහ.
ආශ්‍රිත පුවත්
කොටකෙතනට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව
කහවත්තේ සිද්ධිය ඝාතනයක් බවට සාක්ෂි හමුවේ
කහවත්ත නැවතත් මරණ බියෙන් ඇලළී යයි
කහවත්තේ මීනීමරුවන් සීබාටත් වැලිගසයි
කහවත්තේ ඝාතනයට තවත් දෙදෙනෙක් අල්ලති
කහවත්තේ කාන්තාවක් අභිරහස් ලෙස මරාදමයි
කහවත්තේ පොලිස් මාරුව ලත්තැනම ලොප් වෙයි
කහවත්තේ නිදහස්කළ සැකකරු මැරෙන්න හදලා
කහවත්තේ ඝාතන 14ක්ම සන්ධාන ගෝලයන්ගේ වැඩක්
ගාල්ලෙන් රත්නපුරෙන් හදිසි පොලිස් මාරුවීම්
වාස් ගුණවර්ධන මිනීමරු දේශපාලකයන් ශුද්ධකරයි









