කහවත්ත තැපැල් කාර්යාල භූමියේ ඇති තැපැල් ස්ථානාධිපති නිල නිවස පිටුපස භූමියේ කලකට ඉහත මිනිස් සිරුරක් වළදමා ඇති බවට ලැබුණ තොරතුරකට අනුව ඊයේ (30) එම ස්ථානය කැණීම් කර බැලීමට කහවත්ත පොලිසිය පියවර ගෙන තිබිණි.
මෙම ස්ථානයේ මැණික් පතලක් කපමින් සිටි පිරිසකට ඉකුත් 2010 වසරේ මිනිස් ඇටසැකිල්ලක් හමුවී පසුව ඔවුන් රහසේම එම පතල වසා දැමූ බවට ලැබුණු තොරතුරකට අනුව මෙසේ එම ස්ථානය කැණීම් කිරීමට කටයුතු කළ බව රත්නපුර දිසාවේ උසස් පොලිස් නිලධාරියෙක් පවසා තිබේ.
පැල්මඩුල්ල මහෙස්ත්රාත්වරියගේ අවසරය මත පොලිසිය මෙම පියවර ගෙන තිබුණ අතර ඊයේ දහවල් එම කැණීම් කෙරෙන ස්ථානයට මහෙස්ත්රාත්වරියද පැමිණ සිටියාය.
මෙම සිද්ධියද ඉකුත් කාලයේ කහවත්ත ප්රදේශයේ සිදුවූ තවත් ඝාතනයක්ද යන්න පොලිසියට සැක මතුවී ඇත.
Views: 0









