එයාර් බස් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙසැම්බර් මස 02 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර භාරයේ තබන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර ඇත.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබුණු අධි චෝදනා පත්‍ර භාරදීම අද (19) සිදු කෙරිණි.
විත්තිකාර නාමල් රාජපක්ෂට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවන හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන බව, අධිචෝදනා බාරදීමෙන් පසු විනිසුරු මඩුල්ල නියම කර ඇත.
ඉන් පසුව මෙම නඩුව දෙසැම්බර් 02 වැනිදා නැවත කැඳවීමටද නියෝග කර තිබේ.
Views: 30










