ශෂී වීරවංසගේ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

ශෂී වීරවංසගේ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වූ හිටපු ඇමති විමල් වීරවංසගේ බිරිඳ වන ශෂී වීරවංසට නියම කළ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (18) තහවුරු කර තිබේ.

එම සිර දඬුවමට එරෙහිව ශෂී වීරවංස ඉදිරිපත් කර තිබුණු අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව, එය ප්‍රතික්ෂේප කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.

විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂී වීරවංශව වහාම බන්ධනාගාර නිලධාරීන් භාරයට පත් කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, අදාළ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇයව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn