ඥානසාර හිමිගේ වසර 04ක සිර දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි

ඥානසාර හිමිගේ වසර 04ක සිර දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි

ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබූ බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම අභියාචනාධිකරණය විසින්ද තහවුරු කර තිබේ.

විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, අදාළ දඬුවමින් තමන්වහන්සේ නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කර තිබුණු අභියාචනයක් ඉවත දමමිනි.

2016 මාර්තු 30 වැනි දින කොළඹ කිරුළපන ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ලැබූ අදහස්වලින් ඉස්ලාම් ආගමට අපහාස කිරීම සහ ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන්, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291 වන වගන්තිය යටතේ නීතිපති විසින් මෙම නඩුව පවරා තිබිණි.

එම චෝදනාවලට වැරදිකරු වූ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් 2024 වසරේදී බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළ අතර, එම දඬුවමට එරෙහිව උන්වහන්සේ විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබිණි.

Facebook
Twitter
LinkedIn