මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති ක්‍රියාකරුවකු වන සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඔ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන අද (17) නියෝග කර තිබේ.
ඒ, 2015 සිට 2019 වර්ෂය දක්වා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රුපියල් තිස් එක් ලක්ෂ එකලොස් දහසක (රු. 3,111,000) සේවක අතිකාල දිමනා වංචා කිරිමකට අදාලව ඔහුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙනි.
Views: 8










