අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් විමල් වීරවංසට නොතීසි නිකුත් කර තිබේ.
අභියාචනාධිකරණය විසින් මෙලෙස නොතීසි නිකුත් කර ඇත්තේ, විමල් වීරවංස සිදු කළ ප්රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු කළ බව සඳහන් කරමින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවය.
ඒ අනුව හිටපු ඇමති විමල් වීරවංසට නොවැම්බර් 30 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කර ඇත.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමල් වීරවංසට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මීට පෙර නොතීසි නිකුත් කර තිබූ නමුත් ඔහු අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් යළිත් මෙලෙස අද නොතීසි නිකුත් කර තිබේ.
Views: 8










