කිලෝග්‍රෑම් 08.664ක `කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එහි වටිනාකම රුපියල් අට කෝටි හැට හය ලක්ෂ හතළිස් දහසක් (රු. 86,600,000) බවද ගණන් බලා ඇත.
සැකකරුවන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිලදී ගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ ඇති අතර එතැන් සිට මැලේසියානු ගුවන් සේවයට අයත් MH 179 දරන ගුවන් යානයෙන් අද (16) අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.
ඔවුන් රැගෙන ආ ගමන් මලු දෙකක තිබූ මත්පැන් බෝතල් ඇසුරුම් කළ පෙට්ටි හතරකින් බෝතල් ඉවත් කර, ඒ වෙනුවට මෙම `කුෂ්’ මත්ද්‍රව්‍ය සඟවා තිබියදී සොයාගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගය අසුරා තිබී ඇත්තේ පැකට් හතරකය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතය.










