එක්නැලිගොඩ ගැන කොටි කතාව බොරු බව ශම්මිගේ සාක්ෂියෙන් යළිත් තහවුරැවෙයි

එක්නැලිගොඩ ගැන කොටි කතාව බොරු බව ශම්මිගේ සාක්ෂියෙන් යළිත් තහවුරැවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බවට කිසිම අවස්ථාවක බුද්ධි තොරතුරක් නොලැබුණු බව එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ පළමු වැනි චූදිත තුන්වැනි සන්නද්ධ බුදධි බලකායේ හිටපු අණදෙන නිලධාරී ශම්මි අර්ජුන කුමාරරත්න විත්තිවාචක ඉදිරිපත් කරමින් පසුගිය 12 වැනිදා ප්‍රකාශ කර ඇත.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරුඳු ජයවර්ධන සිය මුහුණුපොතේ තොරතුරු පල කර ඇති අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, මීට පෙර සාක්කි ලබා දුන් එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයකු වූ සුමතිපාල සුරේෂ් කුමාර් අධිකරණයේදී ප්‍රකාශ කළේ එක්නැලිගොඩ එල්ටීටීඊ ක්‍රියා විවේචනය කළ බවයි.

එසේම අනිතුත් බුද්ධි අංශද වාර්තා ඉදිරිපත් කරමින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ කිසිම නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ නැති බව තහවුරු කර ඇති බවද ඔහු සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්