ප්‍රතිපත්තිමය අඛණ්ඩතාව, සාර්ව ආර්ථික ස්ථායිතාව සහ මූල්‍ය විනය පවත්වා ගනිමින්, ශ්‍රී ලංකාව ආර්ථික පරිවර්තනයක් කරා යොමු කිරීමේ කැපවීම මෙවර අයවැය මඟින් තහවුරු කර ඇති බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පවසයි.
රාජ්‍ය හා පෞද්ගලික අංශය අතර අඛණ්ඩ සංවාදයේ ධනාත්මක ප්‍රතිඵලයක් ලෙස, තමන් විසින් රජයට ඉදිරිපත් කරන ලද යෝජනා 20කට අධික සංඛ්‍යාවක් අයවැයට ඇතුළත් කිරීමද වාණිජ මණ්ඩලය විසින් අගය කිරීමට ලක් කර තිබේ.
ආයෝජන පහසුකම් ශක්තිමත් කිරීම, වෙළෙඳ හා අපනයන තරගකාරිත්වය වැඩිදියුණු කිරීම, ඩිජිටල් රාජ්‍ය සේවා පුළුල් කිරීම, මුදල් රහිත (cashless) ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රධාන නීතිමය ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම යන යෝජනා ඊට ඇතුළත් බව එම මණ්ඩලය සඳහන් කරයි.
බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම, අපනයනකරුවන්ට සහාය වීම සහ ඩිජිටල් ආර්ථිකය පුළුල් කිරීමේ පියවරයන් සමඟින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරි වැඩසටහනකට යොමු වීමට රජය අවධානය යොමු කිරීමේ කාරණයටද වාණිජ මණ්ඩලය විසින් සිය ප්‍රසාදය පළ කර තිබේ.
ප්‍රධාන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කිහිපයක් ඉදිරියට ගෙන ගොස් ඇති බවත්, ජාතික වෙළෙඳ තනි කවුළුව (Trade National Single Window), ඩිජිටල් හැඳුනුම්පත් රාමුව, නව නිදහස් වෙළෙඳ ගිවිසුම්, රේගු ප්‍රතිසංස්කරණ, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීම සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා මූල්‍ය සහාය ඉහළ නැංවීම ඊට ඇතුළත් බවද ඔවුන් සඳහන් කරයි.
විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීමට, ඉඩම් සහ කම්කරු වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට සහ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීමට මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, සංචාරක, කෘෂිකර්ම, තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ (IT/BPO) සහ සැපයුම් (logistics) යන ක්ෂේත්රයන් හි වර්ධන අවස්ථා විවෘත කර ගැනීම සඳහා වඩාත් ඉලක්කගත පියවර ගත යුතු බවයි ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.










