අනීතික ක්‍රියා රැසක් සම්බන්ධයෙන් අත්තඩංගුවට ගත් බලංගොඩ කස්සප භික්ෂුව පොලිසිය මැදිහත් වී රෝහල් ගත කර තිබූ අතර, එහි දී ද දැඩි අසහනකාරී හැසිරීමක් පෙන්නුම් කළ බව වාර්තා වේ.
රෝහල වෙත ගිය අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා ලබන 26 වෙනි දින දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත. පොලිසිය විසින් අත්තඩංගුවට ගත් අනෙකුත් පිරිස ද රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මේ අතර, ඊයේ (12) පෙරවරුවේ බලංගොඩ කස්සප කළ විශේෂ ප්‍රකාශයක් කෙරෙහි සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයන්ගේ විශේෂ අවධානය යොමු වී ඇත. ඔහු පවසා තිබුණේ “ඤාණසාර හාමුදුරුවන්ටත් කියන්නේ අපි කතා කර ගත් විදිහට මාරාන්තික උපවාසය පටන් ගන්න. අපි එළියේ ඉඳන් උපවාස කරනවා. උන් වහන්සේ ඇතුලේ ඉඳන් උපවාසය පටන් ගන්න.” යනාදී වශයෙන් කළ ප්‍රකාශයක වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
Views: 678









