ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමක දී, මත් ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහු දින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද බහු දින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා මේ වනවිට ගොඩ බිමට රැගෙන එමින් පවතින අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේ දී ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බව නාවික හමුදාව පවසයි.
මීට අමතරව, පසුගිය 2026 නොවැම්බර් 05 වන දින ද ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 132කට අධික සහ කිලෝ 57කට අධික තොග සමඟ දේශීය බහු දින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 05 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ නාවික හමුදාව විසින් මේ දක්වා අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 2,773කට අධික සහ හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝ 2,130කට අධික තොගයක් සමඟ රුපියල් බිලියන 114කට අධික දළ වීථි වටිනාකමකින් යුත් මත් ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.
තවද, 2026 වර්ෂය තුළ පමණක් නාවික හමුදාව විසින් සිදු කළ මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 73කට අධික දළ වීථි වටිනාකමකින් යුත් මත් ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඉදිරි කටයුතු සඳහා ඉදිරිපත් කර තිබේ.









