උපයනවිට බදු ගෙවන්නන් හට ලබන වසරේ සිට ලබා දෙන සහනය පිළිබදව විස්තර 2027 අය වැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර දිසානායක විසින් හෙළි කරන ලදී.
මසකට ලබන ආදායම රුපියල් එක්ලක්ෂ හැටදෙදහස් පන්සියය (රු. 162,500) දක්වා ආදායම්බදුවලින් නිදහස් කෙරේ. ඉන් ඉහළට ලබන ආදායම් වෙනුවෙන් 6%ක බදු අනුපාතයක් අය කෙරෙන අතර මෙයට පෙර දෙවන කඩ ඉමේ 18%ක් වූ බදු අනුපාතය 12% දක්වා අඩු කර ඇත.
නව අයවැය යෝජනා අනුව බදු අය කෙරෙන කඩඉම් 6%, 12%, 18%, 24%, 30% හා 36% වශයෙන් කඩයිම් හයක් නිර්දේශ කර තිබේ.
වත්මන් ආණ්ඩුව බලයට පත් වනවිට උපයනවිට ගෙවන බදු අවම සීමාව වී තිබුනේ රුපියල් ලක්ෂයකි. එය රුපියල් එක්ලක්ෂ පනස් දහස (රු. 150,000) ඉහළ දැමූ අතර නව යෝජනා අනුව තව දුරටත් සහන ලබා දෙමින් අවම සීමාව රුපියල් එක්ලක්ෂ හැටදෙදහස් පන්සියය (රු. 162,500) දක්වා ඉහළ දමා තිබේ.
Views: 33










