බලංගොඩ කස්සපගේ සිවුර ගලවයි!

බලංගොඩ කස්සපගේ සිවුර ගලවයි!

තමන් රාජපක්ෂ නිකායේ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බලංගොඩ කස්සප ඇතුළු භික්ෂූන් කිහිප දෙනෙකු චේතනාන්විතව අධිකරණයට අපහාස සිදු කරන අතර සහ මහානායක සහ අනුනායක හිමිවරුන්ටත් ඍජුව ම අභියෝග කිරීමට පටන් ගෙන තිබේ.

ඊයේ (11) බලංගොඩ කස්සප භික්ෂුව ප්‍රකාශ කර තිබෙන්නේ “මහනායක හාමුදුරුවෝ දැන ගන්න ඕනෑ වචනයක් දුන්නා නම් වචනය රකින්න” යනුවෙනි. එමෙන් ම, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ ගලගොඩඅත්තේ ඤණසාර හිමි සහ තමන් අතරේ අවබෝධයකින් උපවාසයක් දියත් කර ඇති බව ද ප්‍රකාශ කරන ලදී.

මේ අතර, නාමල් රාජපක්ෂගේ ප්‍රචාරක කටයුතු බාරව සිටින මිලින්ද රාජපක්ෂ ඇතුළු පිරිස සහ ජාතික එකමුතුව නම් සංවිධානය මෙම භික්ෂුවට එරෙහිව ප්‍රසිද්ධ ප්‍රකාශ කරමින් ඔහු ආණ්ඩුවේ ඒජන්තයෙකු බවට චෝදනා එල්ල කර තිබේ.

Facebook
Twitter
LinkedIn