ශ්‍රී ලංකාවේ ආර්ථිකය බංකොලොත් කර තිබියදී බලයට පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ වත්මන් ආණ්ඩුවේ තුන්වෙනි අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම අද (12) පස්වරු 1.00ට ඉදිරිපත් කරන අතර ගෙවී ගිය දෙවසර තුළ ආර්ථිකය ස්ථාවර කළ ආකාරය තහවුරු වී තිබේ.
ජාතික ජන බලවේගය බලයට පත් වුවහොත් මාස තුනක් ඇතුලත ආර්ථිකය බිඳ වැටෙනු ඇති බවට එතෙක් බලයේ සිටි පක්ෂ සහ හවුල්කාර කණ්ඩායම් සියල්ලම පුරෝකථනය කර තිබිණි.
එහෙත්, මුළු ලෝකයට ම බලපාන මැදපෙරදිග යුද්ධයක් පවතින පසුබිමක පවා ශ්‍රී ලංකාව සැලකිය යුතු ආර්ථික ජයග්‍රහණ අත්පත් කර ගෙන තිබේ. මෙම වසරේ මුල් මාස 10 තුළ ගෝලීය අපනයන පරිමාව වර්ධනය වීමේ සාමාන්‍ය අගය 3.3%ක් වී තිබියදී ශ්‍රී ලංකාව 5.5%ක් දක්වා වර්ධනය කර ගෙන තිබිණි. එමෙන් ම නිල සංචිත ප්‍රමාණය ද ඩොලර් බිලියන 7ක් ඉක්මවා ඇත.
ඊට අමතරව රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ඉතා විශිෂ්ඨ ලෙසින් ඉටු කර තිබේ. 2025 වර්ෂය වෙනුවෙන් රජයේ සමස්ත ආදායම් ඉලක්කය ඉක්මවා ගොස් 110%ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත් වී ඇත.
එමෙන් ම, පසුගිය වසරේදී අයවැය අතිරික්තයක් වාර්තා කිරීමට සමත් විය.











