බලංගොඩ කස්සප හිමි ඇතුළු තෙනමක් පොලිස් භාරයට

බලංගොඩ කස්සප හිමි ඇතුළු තෙනමක් පොලිස් භාරයට

රුවන්වැලි සෑය අභියස මාරාන්තික උපවාසයේ යෙදුණු පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට ගෙන තිබේ.

උන්වහන්සේලා මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු පිරිසක් සමඟ ඇති වූ ගැටුමකින් අනතුරුවය.

කස්සප හිමි ඇතුළු ස්වාමීන් වහන්සේ තුන් නමක් විසින් රුවන්වැලි සෑය අභියස ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය දෙවන දිනටත් අද (12) ක්‍රියාත්මක විය.

කෙසේ වෙතත් මේ වනවිට, ත්‍රීකුණාමලයේ ඇති වූ සිදුවීමකට අදාළව පැවති නඩුවක් සඳහා අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් කස්සප හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්නවා නියෝගයක්ද නිකුත් කර තිබේ

Facebook
Twitter
LinkedIn