අයවැය – සජිත්ට වෙච්ච දෙයක්

අයවැය – සජිත්ට වෙච්ච දෙයක්

පසුගිය වසර අවසානයේ අයවැය විවාදය පැවැත්වෙමින් තිබියදී මුළු රටම ගොදුරු වූ දිට්වා ව්‍යසනයත් සමඟ සජිත් ප්‍රේමදාස ඇතුළු සියළු කණ්ඩායම් ආණ්ඩුවට එරෙහිව සංවිධානාත්මක ප්‍රචාර රැසක් දියත් කරනු ලැබීය.

පාර්ලිමේන්තුව තුළ දී ද එවැනි ප්‍රචාර දියත් කරමින් ආණ්ඩුව උද්දච්ච නොවී නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කළ යුතු බව ප්‍රකාශ කර තිබිණි.

එහෙත්, ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය නිසි සැලසුම් සකස් කරමින් රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් පමණක් ඉදිරිපත් කර ආර්ථිකය ගොඩ ගැනීමේ මෙහෙයුම් සැලසුම් සහගතව දියත් කළේය. ගෙවී ගිය වසර තුළ දී සමස්තයක් ලෙස ගෝලීය වශයෙන් ප්‍රධාන අංශ 5කින් ජයග්‍රහණ අත්පත් කර ගෙන ඇත..

  1. දූෂණ සංජානන දර්ශකයේ ස්ථාන 14කින් ඉදිරියට පැමිණීම
  2. ආයෝජන සබඳතා සහ විනිවිදභාවය 5 වෙනි ස්ථානය හිමිවීම
  3. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ දර්ශකය B- දක්වා ඉහළට ඒම
  4. සංචාරක සහ සංචාරක කර්මාන්ත සංවර්ධන දර්ශකය 4.33%කින් වර්ධනයක් ලබා ගැනීම
  5. ගෝලීය සාම දර්ශකයේ ස්ථාන 14කින් ඉදිරියට පැමිණීම.

ගෙවී ගිය වසරේ ජයග්‍රහණ වර්ෂය මැද මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාවෙන්

සජිත් ප්‍රේමදාස ආපදාව අවස්ථාවාදී දේශපාලනයට යොදා ගත් ආකාරය

Facebook
Twitter
LinkedIn