බැසිල් වෙස් වලාගෙන එයි

බැසිල් වෙස් වලාගෙන එයි

ආණ්ඩුවට එරෙහිව යම් සංවිධාන කිහිපයක් දියත් කර තිබෙන ක්‍රියාමාර්ග පිටුපස සිටිමින් නීතිමය උපදෙස් ලබා දෙමින් සිටින්නේ බැසිල් රාජපක්ෂගේ සමීපතමයෙකු වී සිටින හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා බව අනාවරණය වී තිබේ.

ඇමරිකාවට පළා ගොස් අධිකරණය මඟහැර සිටින බැසිල් රාජපක්ෂව අත්තඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කිරීමත් සමඟ ඇතැම් වෘත්තීය සමිති සහ විවිධ කණ්ඩායම් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ දියත් කරනු ලැබීය. ගෝඨාභය රාජපක්ෂට අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් සමඟ සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීම, ඊට සමගාමීව විවිධ විරෝධතා ආරම්භ කළ ආකාරයට ම මේ වනවිට ද ඇතැම් ක්‍රියාමාර්ග දියත් කර තිබේ.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මෙහෙයවූ විරෝධතාව, බලංගොඩ කස්සප ඇතුළු පිරිස පැවැත්වූ විරෝධතා කැපී පෙනෙන ක්‍රියාමාර්ග වී තිබේ.

Facebook
Twitter
LinkedIn