ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගයේ ආණ්ඩුව රට ගොඩ නගමින් සමාජ පරිවර්තනයක් වෙත ගෙන යන ක්රියාමාර්ග සියළු අභියෝග පරාජය කරමින් ජයග්රහණය කරා ගෙන යන අවධාරණය කරයි.
ඊයේ (13) කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේ පවත්වන ලද 37 වෙනි ඉල් මහ සමරුවට සහභාගී වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව අවධාරණය කළහ. අවස්ථා දෙකක දී මර්දනය කරන ලද පක්ෂය බිංදුවේ සිට ගොඩ නගා බලය ලබා ගැනීමේ පසු ජනතාව වෙනුවෙන් උපරිම කැප කිරීම් කර ලෝකයේ කීර්තිමත්ම රටක් ලෙස ශ්රී ලංකාව ඉහළින් ඔසවා තබන බව වැඩි දුරටත් පැවසීය.
එම කතා සාරාංශ කරන ලද වීඩියෝවක් පහතින් දැක්වේ.
Views: 30










