අනුරාධපුර පූජා නගරය තුළ කෝවිලක් ඉදි කිරීමට සූදානම් වන බවට ව්‍යාජ ප්‍රචාර ගෙන යන කල්ලිය නිසා රාජපක්ෂ පවුලේ ආගමික ආශීර්වාදවලට බරපතළ ප්‍රශ්නයක් ඇති විය හැකි බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් පෙන්වා දී ඇත.
විශේෂයෙන් ම මැතිවරණ ඉලක්ක කර ගනිමින් රාජපක්ෂ පවුල ඇතුළු බොහෝ දේශපාලන නායකයින් ඉන්දියාවේ තිරුපති කෝවිලට ගොස් ආශීර්වාද ලබා ගැනීම පුරුද්දක් ලෙස පවත්වා ගෙන ගියහ. මහින්ද, බැසිල් සහ ගෝඨාභය රාජපක්ෂ පවුලේ අය පමණක් නොව, රනිල් වික්‍රමසිංහ පවා ඉන්දියාවේ කෝවිල්වලට ගොස් ආශීර්වාද ලබා ගැනීම සිදු කළහ. මෙසේ තිබියදී රාජපක්ෂ පවුලේ සමීපතම කල්ලියක් කිසියම් ආකාරයකට හින්දු කෝවිල් සම්බන්ධයෙන් විරෝධයක් ගොඩ නැගීම කෙරෙහි විචාරකයන් සියුම් අවධානයක් යොමු කර ඇත.
Views: 122










