විජිත හේරත්ලාගේ මැදිහත් වීමෙන් ශ්‍රී ලාංකික සිසුන්ට බෙලරුස් රාජ්‍යයෙන් වටිනා තෑග්ගක්…

විජිත හේරත්ලාගේ මැදිහත් වීමෙන් ශ්‍රී ලාංකික සිසුන්ට බෙලරුස් රාජ්‍යයෙන් වටිනා තෑග්ගක්…

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත්ගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහස් කිරීමට බෙලරුස් රජය තීරණය කර තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් මෙම බෙලරුස් නිල සංචාරයේ නිරතවූයේ 2026 මැයි මාසයේදීය.

එහි ප්‍රතිඵලයක් ලෙස, උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ප්‍රථම වරට බෙලරුස් වෙත පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන්ගෙන් අයකරනු ලබන පැමිණීමේ වීසා ගාස්තුව නිල වශයෙන් නිදහස් කිරීමට බෙලරුස් රජය තීරණය කර ඇත.

මීට අමතරව, බෙලරුස්හි අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ පවුලේ සාමාජිකයන්ට එරටට පැමිණීම සඳහා වීසා ලබාගැනීමේ ක්‍රියාවලිය සරල කිරීමටද අවශ්‍ය පියවර ආරම්භ කර තිබේ.

මෙම පියවර මඟින් බෙලරුස්හි උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික සිසුන්ට මෙන්ම එරට අධ්‍යාපනය ලබන සිසුන්ගේ පවුල්වලටද සහන සැලසෙනු ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්