නීතිඥ විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමති සමයේ මූල්‍ය වංචාවකට එරෙහි නඩුවකදී රඛිත රාජපක්ෂ, හර්ෂ ඇතුළු නීතිඥ කණ්ඩායමක් විසින් නඩු වාර දෙකකින් එම ගැටලුව විසඳා මුදල් ලබා දෙන බව පවසා සිදු කළ රුපියල් තුන්කෝටි හතලිස් අට ලක්ෂයක (රු. 34,800,000) වංචාවක් සිදු කළ බව සඳහන් කරමින් පුද්ගලියින් පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.
මෙලෙස නීතිඥ රඛිත රාජපක්ෂ ඇතුළු නීතිඥයින්ගේ වංචාවට හසුව ඇත්තේ කුරුණෑගල සහ ඒ අවට ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පවත්වාගෙන ගිය මූල්‍ය ආයතනයකින් සිදුවූ මූල්‍ය වංචාවකින් අගතියට පත් පිරිසකි.
අදාළ මූල්‍ය ආයතනයෙන් අහිමි වූ මුදල් නැවත ලබා දෙන බවට පොරොන්දු වෙමින්, නීත්‍යානුකූල සංගමයකට මුවාවී තම සාමාජිකයින්ගෙන් රුපියල් තුන්කෝටි හතලිස් අට ලක්ෂයක (රු. 34,800,000) මුදලක් නීතිඥ ගාස්තු ලෙස ලබාගෙන ඇති බව පැමිණිලිකරුවෝ චෝදනා කරති.
මෙලෙස රඛිත රාජපක්ෂ, හර්ෂ ඇතුළු නීතිඥ කණ්ඩායම අගතියට පත් පිරිසෙන් මුදල් ලබා ගෙන ඇත්තේ නීතිඥ විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමති ධුරය දැරූ සමයේදීය.
ඒ අනුව තමන් සතු යතුරුපැදි පවා විකුණා මෙම නඩු කටයුතු වෙනුවෙන් මුදල් ගෙවූවද අදාළ පොරොන්දු ඉටු නොවූ බව පැමිණිලිකරුවෝ පෙන්වා දෙති.
මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේදී විජේදාස රාජපක්ෂ පුත් රඛිත රාජපක්ෂ එය මඟහැරි බවත්, විජයදාස රාජපක්ෂ හමුවූ විට තමා ඊට සම්බන්ධ නොවූ බව පැවසූවත් ඔහු ඊට සම්බන්ධ බවට සාක්ෂි සහ ඡායාරූප තමන් සතුව පවතින බවත් පැමිණිලිකරුවෝ වැඩිදුරටත් ප්‍රකාශ කරති.










