වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ ඇතුළු එම අමාත්‍යාංශ නිලධාරීන් සමග ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් අතර අද (17) පැවති විශේෂ සාකච්ඡාවකින් පසු ලාෆ්ස් ගෑස් මිල පහළ දමා තිබේ.
ඒ අනුව රුපියල් 6,740ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරකයක එම නව මිල රුපියල් 5,995කි.
එමෙන්ම රුපියල් 2,720ක්ව පැවති ලාෆ්ස් ගෑස් 5kg සිලින්ඩරයක නව මිල රුපියල් 2,398ක් දක්වා අඩු කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර ඇත්තේ අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් සිදුකළ ඉල්ලීම සහ පාරිභෝගික ජනතාව මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවය.
එමෙන්ම මැදපෙරදිග යුදමය තත්වය හමුවේ ගෑස් මිල සහ නැව් ගාස්තු ඇතුළු ආනයන පිරිවැය ඉහළ ගියද මාස තුනක් පුරා මිල සංශෝධනයක් නොකර එම පිරිවැය වැඩිවීමෙන් සිදුවූ අලාභය සමාගම විසින් දරාගත් බවත් එයින් ඇති වූ අඛණ්ඩ අලාභ හේතුවෙන් මෑතකදි රුපියල් 1,775කින් කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිල වැඩි කිරීමට සිදුවූ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.










