අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි බලංගොඩ කස්සප හිමි ත්රිකුණාමලය මහේස්ත්රාත් අධිකරණයට ඉදිපත් කිරීමෙන් පසු අද (17) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ද දින ත්රිකුණාමලය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා දී ඇත.
කෙසේ වෙතත් අනුරාධපුර පූජා භූමියේ සිදුවීමට අදාළ බලංගොඩ කස්සප හිමි ලබන 26 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ හිමියන්ට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණේ, ත්රිකුණාමලය ශ්රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්රයේ කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළවය.
අධිකරණයේ එදින පැවති නඩුවට පෙනී නොසිට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කස්සප හිමි අද දින අධිකරණයෙන් සමාව ඉල්ලා ඇතැයිද වාර්තා වේ.
Views: 97










