ඇමරිකානු සහ උතුරු කොරියානු ජනාධිපතිවරුන් අතර සිව්වන හමුවීමක් සිදුවිය හැකි බවට බටහිර මාධ්‍ය වාර්තා කර සිටි. මෙම හමුවීම පිළිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ද තහවුරු කර ඇති බව ධවල මන්දිර ආරංචි මාර්ග පෙන්වා දේ. ඒ අනුව ට්‍රම්ප් හා කිම් ජොන් උන් අතර නව හමුව චීන ජනාධිපතිගේ අධීක්ෂණය හා පහසුකම් සැලසීමටත් සිදුවනු ඇතැයි පැවසේ. මෙම හමුව සිදු වීමට ඉඩ ඇත්ත ෂෙන්සෙන් හි පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුවට සමගාමීව වේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් හා කිම් අතර ඇත්තේ සීතල යුද්ධයකි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී හා ට්‍රම්ප් ඔහුගේ X පණිවිඩවල පවා කියා සිටියේ උතුරු කොරියානු ජනාධිපති “රොකට් මෑන්” ලෙසය. ඊට ප්‍රතිචාර වශයෙන්, කිම් ජොන් උන් විසින් ට්‍රම්ප් යනු “මානසිකව විකෘති වූ මහලු මිනිසෙකු” ලෙස හැඳින්වූයේය. එතැන් සිට, මේ න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා දැඩි සතුරන් බවට පත්ව ඇති නමුත් රාජ තාන්ත්‍රික හමුවීම් තුනක් මේ දක්වා වාර්තා වන අතර මෙම නව හමුවීම දෙස සමස්ත ලෝකයම විමසිල්ලෙන් බලා සිටි.
ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම හෙලිකිරීම නොවැම්බර් 16 වන දා සිදු කරනුයේ රුසියානු සහ චීන ජනාධිපතිවරුන් හමුවීමට නියමිත ආසියානු කලාපයට පියාසර කිරීමට පෙර වන අතර ඇමරිකානු ජනාධිපතිවරයා තම උතුරු කොරියානු සහචරයාට ආරාධනා කළ හැකි බවට ඉඟි කරමින් ප්‍රකාශයක් සිදු කල බව මාධ්‍ය වාර්තා කර සිටි. ඓතිහාසික හමුවීමක් ලෙස සැලකෙන දෙදෙනා පළමු වරට මුණගැසුණු 2018 යුගයට වඩා එය 2026 වසරේ මෙම හමුවීම සිදුවනුයේ ඇමරිකානු ජනාධිපතිවරයා ඉරාන යුද්ධයකට මැදිහත් වී දේශීයව හා ජාත්‍යන්තරව බරපතල අභියෝග රැසකට මුහුණ දෙමින් අවස්ථාවක බව දේශපාලන විචාරකයින් පෙන්වා දේ.
කෙසේ වුවත් පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වීමට නියමිත ASEAN සමුළුවට පැමිණි අවස්ථාවේ මෙම ඉඟිය ට්‍රම්ප් විසින් මාධ්‍යවේදීන්ට ලබා දෙන ලදී.
ඇතැම් විචාරකයින් පෙන්වා දෙනුයේ ඩොනල්ඩ් ට්‍රම්ප් කිම් ජොන් උන් සමඟ සිදු කල ඔහුගේ පළමු හමුවීම් තුනෙන් කිසිවක් දිනා ගනු ලැබුවේ නොමැති බවයි. ඔහු න්‍යෂ්ටික අවි තරඟ පෙරමුණෙන් ද කිසිවක් ලබා ගත්තේ නැත. උතුරු කොරියාව නිතිපතා එහි න්‍යෂ්ටික බලය විදහාපෑම දිගටම කරගෙන යයි, විශේෂයෙන් ජපාන මුහුදේ සිදු කල නවතම මිසයිල දියත් කිරීම් 2026 නොවැම්බර් 4 වන දින නැවත සිදු කරන ලදී.
පසුගිය නොවැම්බර් 10 වන දින, උතුරු කොරියාව නිවේදනය කළේ 2027 සිට තම නාවික හමුදාව සන්නද්ධ කිරීම සඳහා තවත් ටෝපිඩෝ පරීක්ෂණයක් ද සිදු කළ බවයි. න්‍යෂ්ටික හැකියාවන් ඇතුළුව සටන් හැකියාවන් සහිත නෞකාවක් ඉදිකිරීමට අමතරව උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය පසුගිය දා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ තම රට එක්සත් ජනපදය වැනි සතුරු රටක් සමඟ සංවාදයකින් කිසිවක් අපේක්ෂා නොකරන බවයි.
එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් හට උතුරු කොරියාව සම්බන්ධයෙන් ඇත්තේ සුබවාදී ප්‍රතිචාරයක් වේ. ට්‍රම්ප්ගේ අපේක්ෂාව මැතිවරණවලදී සහ ඉරානයේ රාජයන්ගෙන් පසු ඇමරිකානු ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ කිරීමක්ද යන්නද ඇතැම් විචාරකයින් ඒ අනුව ප්‍රශ්න කර සිටි. එසේම චීනයේ රාජතාන්ත්‍රික හා උපායමාර්ගික අරමුණු ද මේ තුල දක්නට ලැබෙන බවට ද ඇතැමුන් තර්ක කරනු ලබයි.
කෙසේ වෙතත් “ලෝක සාමය” සාකච්ඡා කිරීම සඳහා නොවැම්බර් 19 වන බ්‍රහස්පතින්දා ෂී ජින්පින්, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැඩිමීර් පුටින් අතර ත්‍රෛපාර්ශ්වික සමුළුවක් චීනය තහවුරු කර තිබේ. යුක්රේනයේ යුද්ධය හා ඉරාන යුද්ධය ඔවුන්ගේ න්‍යාය පත්‍රය තුල තිබෙනවා ද යන්න සනාථ වී නොමැති නමුත් ඇමරිකානු ජනාධිපතිවරයා ලොව පුරා න්‍යෂ්ටික අවි අවි ගබඩා අඩු කිරීම පිළිබඳව අවධානය යොමු කිරීමට මෙම සාකච්චා සිදු විය හැකි බවට බටහිර රාජ තාන්ත්‍රික ආරංචි මාර්ග පෙන්වා දේ.
සාකච්චාවට බඳුන් වන කාරණා තවමත් හෙළි වී නොමැති නමුත් නොවැම්බර් 18 වන බදාදා ආරම්භ වන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුවට සමගාමීව මෙම හමුව පැවැත්වීමට නියමිතය. ක්‍රෙම්ලිනය සහ ධවල මන්දිරය යන දෙකම දැනටමත් ත්‍රෛපාර්ශ්වික රැස්වීම තහවුරු කර තිබේ.
ලොව ප්‍රබල නායකයින් තිදෙනා “ලෝක සාමය ආරක්ෂා කිරීම සහ ප්‍රධාන බල තුලින සබඳතාවල උපායමාර්ගික ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ගැඹුරුන් සාකච්ඡා පවත්වනු ඇති අතර එය ඓතිහාසික වැදගත්කමක් දරනු ඇත” යනුවෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නිං මාධ්‍ය හමුවකදී පැවසූ බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි.
නොවැම්බර් 3 වන දින පැවති මධ්‍යකාලීන මැතිවරණයෙන් පසු ට්‍රම්ප්ගේ ආසියානු සංචාරය ඔහුගේ පළමු විදේශ සංචාරය වන අතර, පිලිපීනයේ මැනිලාහිදී, ඩොනල්ඩ් ට්‍රම්ප් අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ASEAN) රටවල් 11 ක සමුළුවේ සමාප්ති සැසියට මෙන්ම ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන රටවල නායකයින් සමඟ Quad සංධානයේ රැස්වීමකට ද සහභාගී වනු ඇත. QUAD යනු බීජිංහි බලපෑම සමතුලිත කිරීමට අදහස් කරන ආරක්ෂණ හවුල්කාරිත්වයක් වේ. ජපාන රාජතාන්ත්‍රික පුවත් පෙන්වා දෙන්නේ , ක්වාඩ් සාකච්ඡා විශේෂයෙන් දකුණු චීන මුහුද සහ ජපාන මුහුද කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවයි.
බ්‍රසීල ජනාධිපති ලූලා සහ කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි ද ASEAN සමුළුවට සහභාගි වීමට නියමිත අතර ඔවුන් ට්‍රම්ප් ගේ තීරු බදු ප්‍රතිපත්තිය හේතුවෙන් එක්සත් ජනපදය මත වෙළඳ යැපීම අඩු කිරීම සඳහා ඍජුවම පෙනී සිටිනා රාජ්‍ය නායකයින් දෙදෙනෙකු සේ ප්රකටය. බ්‍රසීලය හා සිංගප්පූරුව අතර පැවති ද්විපාර්ශ්වික රැස්වීමේදී, බලශක්ති අංශයේ සිංගප්පූරු ආයෝජන පුළුල් කිරීම මෙන්ම කෘතිම බුද්ධිය, ඩිජිටල් ආර්ථිකය, හරිත ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව සහ නිර්මාණාත්මක ආර්ථිකය යන ක්ෂේත්රවල සහයෝගිතාව සඳහා ඇති අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
මේ අතර මැනිලාහිදී, පැක්ස්-සිලිකා ලෙස හඳුන්වන දුර්ලභ පස් කැණීම් මගින් සිදු කිරීමට නියමිත මෘදු කාංග නිෂ්පාදනය සඳහා වූ දැවැන්ත එක්සත් ජනපද ව්‍යාපෘතියක් හෙළා දකිමින් හා ට්‍රම්ප් ගේ සංචාරයට විරෝධය පළ කරමින් නොවැම්බර් 17 වන අඟහරුවාදා දහස් ගණනක් එරට ආදීවාසී ජනතාව විරෝධතා දැක්වූ බවද වාර්තා වේ. මැනිලා නුවරට උතුරින් ආරම්භ වීමට ඇති ඇමරිකානු ව්‍යාපෘතිය සඳහා සැලසුම් කර ඇති හෙක්ටයාර 1,620 ක භූමියෙන් ආදිවාසී පවුල් බලහත්කාරයෙන් ඉවත් කිරීම ද මෙම වැඩපිළිවෙළට ඇතුළත් වේ.
“පැක්ස්-සිලිකා ව්‍යාපෘතිය නැවැත්වීමට සහ පිලිපීන ආදී වාසී ඉඩම් සංරක්ෂණය කිරීමට අපි ඉල්ලා සිටිමු,” යයි AFP විසින් සම්මුඛ සාකච්ඡාවට ලක් කළ 21 හැවිරිදි විරෝධතාකරු වකු වන මාරිපෝසා මැනිලා නුවර සිට ප්‍රකාශ කර සිටියේය.
කෙසේ වෙතත් පිලිපීනයට පැමිණි පසු, ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් තම රට තවත් “මාස දහයක් ඇතුළත” දුර්ලභ පස්වල ලොව ප්‍රමුඛයා වන චීනය අබිබවා යන බවට ප්‍රකාශයක් සිදු කළේය.










