හොර ඔප්පුවකින් රටම ලියලා දීලාද?

හොර ඔප්පුවකින් රටම ලියලා දීලාද?

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ගැඹුරින් විශ්ලේෂණය කරන නාඳුනන පුත්තු ටෙලි නාට්‍යය මේ වනවිට කොටස් වශයෙන් යූටියුබ් අවකාශයට එකතු කරමින් තිබේ.

එය නිදහස් අරගලය, අධ්‍යාපනය, වෙළඳ පංතියේ නැගීම සහ ජාවාරම්කාරී සූදු ආර්ථිකය එක් පැත්තක තිබියදී ඊට එරෙහිව සූරියමල් ව්‍යාපාරය බිහිවීම සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව පසුබිම් කර ගත් ටෙලි නාට්‍යයකි. ආචාර්ය ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ 1990 දශකය ආරම්භයේ දී නිෂ්පාදනය කරන ලද ටෙලි නාට්‍යයක් ය. “ඉඩමක කඩමක ඔප්පුවක් ගමක් නැති කොට රටේ ඔප්පුව කාට ගියාම මොකද?”යනුවෙන් ප්‍රශ්න කරමින් ඉංග්‍රීසින්ට අවනත පිරිසක් අතට පාලන බලය ලබා ගැනීමේ මෙහෙයුම සහ පූර්ණ නිදහස ලබා ගැනීමේ මෙහෙයුම අතර උභතෝකෝටික කරුණු මෙමගින් සාකච්ඡා කෙරේ.

Facebook
Twitter
LinkedIn