කහවත්තේ කාන්තාවක් අභිරහස් ලෙස මරාදමයි

(දෙවන සංස්කරණය) කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ තවත් කාන්තාවක් අභිරහස් ලෙස මරාදමා ඇතැයි වාර්තාවේ.

එම දේහයේ කැපුම් තුවාල රාශියක් දක්නට ඇතැයිද පැවසේ.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ පන්සල පාර, වරාපිටිය ප්‍රදේශය පදිංචි, චන්ද්‍රාවතී නැමැති අවුරුදු 60 ක පමණ වූ කාන්තාවක් බව අනාවරණය කරගෙන තිබේ.

මෙම දේහය නිවසක් තුළ තිබී හමුවී ඇති අතර අද (31) පස්වරු 5.30 ට පමණ අපරාධය සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මීට පෙර අවස්ථා ගණනාවකදීම මෙම ප්‍රදේශයේදී කාන්තාවන් ඉතා අභිරහස් ලෙස ඝාතනය කරනු ලැබීය. එම ඝාතකයන් කෙසේ හෝ නීතියේ රැහැනට හසුවිය. ඔවුන් අතර මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලඥයන්ද විය.

කහවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

Facebook
Twitter
LinkedIn