පළාත් හෙද සේවාවන් ඇති කිරීමට එරෙහිව හෙද සේවකයෝ අද (31) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවයක නියළුනහ.
සමස්ත ලංකා හෙද සේවක සංගමය මගින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණය සඳහා මහ වැසි මධ්‍යයේ හෙද හෙදියෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
හෙද සේවාව පළාත් සභාවලට පැවරීම හරහා හෙද සේවාව පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදා වන බවත් එබැවින් මෙම ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට පියවර ගන්නා ලෙස ආණ්ඩුවට බලකර සිටින බවත් සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී. මැදිවත්ත මහතා පැවසීය.
ඉදිරියේදී සෑම රෝහලක් ඉදිරිපිටදී මෙලෙස විරෝධතාවයේ නියලීමට තීරණය කර ඇති බවත් ඔහු එහිදී අවධාරණය කර සිටියේය.




Views: 0









