අසභ්‍ය වෙබ් අඩවි තහනම කල්යයි

දැනට හඳුනා ගෙන ඇති ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන් පෙනී සිටින අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීම පිළිබඳ නඩු විභාගය අද (31) දින බත්තරමුල්ල විශේෂ ළමා අධිකරණයේ දී කැඳවා තිබූ අතර ඒ පිළිබඳ තීරණය ලබාදීම දින 14 කින් කල් දමා ඇතැයි වාර්තා වේ.

ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන් පෙනී සිටින අසභ්‍ය වෙබ් අඩවි 51 ක් පමණ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ පොලිස් විමර්ශන ඒකකය විසින් හඳුනාගෙන ඇති අතර එම වෙබ් අඩවි තහනම් කරන ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් බත්තරමුල්ල විශේෂ ළමා අධිකරණයෙන් ඉල්ලා ඇත.

නමුත් අද දින අදාළ නඩුව කැඳවූ මොහොතේ විනිසුරුවරයා පවසා ඇත්තේ,මේ වනවිටත් එම වෙබ් අඩවි තහනම් කිරීමට අදාළ නීතිපතිවරයාගේ තීන්දුව ලැබී නොමැති බවයි.

ආශ්‍රිත පුවත්

තවත් අසභ්‍ය වෙබ් අඩවි 1000ක් හඳුනාගෙන 51ක් තහනමට

Facebook
Twitter
LinkedIn