රොටුඹ අමිල දිවයිනට රැගෙන එයි

රොටුඹ අමිල දිවයිනට රැගෙන එයි

රුසියාවේදී අත්අඩංගුවට ගත්, මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘රොටුඹ අමිල’ නමැත්තා අද (20) දිවයිනට රැගෙන විත් තිබේ.

මොහු දිවයිනට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පසුගියදා රුසියාව බලා පිටත්ව ගොස් තිබිණි.

දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු වූ මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට මොහු අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn