කහවත්ත පොලිස් ස්‌ථානාධිපති නෙරංජන් අබේවර්ධන මහතාට පෙරේදා (13) සිට ලබාදී තිබූ මාරුවීම වහාම අවලංගු කර ඒ මහතා නැවත කහවත්ත පොලිස් ස්‌ථානාධිපතිවරයා ලෙස ඊයේ (14) සිට නැවත පත්කර ඇත. ඒ මහතා හදිසියේම පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්‌ථානය වෙත කැඳවා තිබිණි.
නෙරංජන් අබේවර්ධන මහතා කහවත්ත පොලිස් ස්‌ථානාධිපතිවරයා ලෙස පත්කරනු ලබුවේ මීට මාස කීපයකට උඩදීය. ඒ මහතා හිටි හැටියේම මාරුකර යැවීමට එරෙහිව කහවත්ත ප්‍රදේශයේ ජනතාව දැඩි විරෝධයක් පළ කළහ.
Views: 0









