අද සිට ස්වාධීනයි – අජිත්, එජාපයට එන්න – රනිල්, ලිපි සභාගත කළා – හඳුන්නෙත්ති

අය වැය විවාදයට අදාළව තමන්ට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබානොදීම නිසා තම වරප්‍රසාද උල්ලංඝනය වී ඇතැයි පවසමින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා අද (15) සිට  පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව පවසා තිබේ.

විපක්ෂ නායක සහ එජාප නායක රනිල් වික්‍රම සිංහ මහතා මෙහිදී නැගීසිටිමින් අජිත් කුමාර මහතාට එජාපයට ආරාධනා කර ඇත. ඔහු එජාපයට එන්නේනම් ඔහුට අවශ්‍ය කාලය වෙන් කරදීමට තමන්ට හැකි බවත් මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

කෙසේ නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් නොවැම්බර් 10වෙනිදා වේලාවක් වෙන්කර දී ඇති බවත් එය ලිඛිතව ඔහුට දැනුම් දීමට කටයුතු කළ බවත් එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී සඳහන්කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් වේලාව වෙන් කරන ලද ලිපියත් තමන්ට වේලාව වෙන්කර දෙන ලෙස අජිත් කුමාර මන්ත්‍රීවරයා විසින් ඉල්ලීම කරන ලද ලිපියත් පාර්ලිමේන්තුවේදී සභාගත කර ඇති සුනිල් හඳුන්නෙත්ති මහතා එම ලිපි දෙක කථානායකවරයාටද භාරදී තිබේ.

Facebook
Twitter
LinkedIn