කහවත්ත කොටකෙතන ප්රදේශයේ ඊයේ (14) සවස යළිත් කැළඹීම් සහගත තත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.
ඊයේ සවස පිහියක් අතැති පුද්ගලයෙකු දැක බියට පත්වූ පනස් හැවිරිදි කාන්තාවක විසින් තමන් බේරා ගන්නා ලෙස කෑගැසීමට පටන්ගෙන ඇත.
එවිට අදාළ පුද්ගලයා පළාගොස් ඇති අතර එම පුද්ගලයා යම් ඝාතනයක් සඳහා පැමිණ ඇතැයි ප්රදේශවාසීහු පවසති.
ඔහු සෙවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව විශේෂ මෙහෙයුමක් සිදුකර ඇතත් ඔහු සොයාගැනීමට නොහැකිවී ඇත.
මේ වනවිට කොටකෙතන ප්රදේශයේ හමුදා කඳවුරක් සහ එස්.ටී.එෆ්. කඳවුරු දෙකක්ද ඉදිකර ඇති අතර ඒවායෙහි හමුදාවේ සහ පොලීසියේ 700 දෙනෙකු පමණ සිටින බවද වාර්තා වේ.
Views: 0









