ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගියදා කොළඹ විහාරමහාදේවී එලිමහන් රංග පීඨයේදී පවැත්වූ ඉල්මහ විරු සමරුවට සමගාමීව වව්නියාවේදීද විරු සමරුවක් පැවැත්වූ බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය සඳහන් කර සිටී.
ඒ බව සඳහන් කරමින් ජවිපෙ මාධ්‍ය ඒකකය විසින් මාධ්‍යවෙත නිකුත් කරණ ලද මාධ්‍ය නිවේදනය සහ ජායාරූප පහත පළවේ.
“1988-89 කාලයේ මව්බිම වෙනුවෙන් දිවි පිදූ ඉල් මහ විරුවන් සමරනු ලබන උත්සවයක් ඊයේ (14) දින ජ.වි.පෙ. වව්නියාව දිස්ත‍්‍රික් කමිටුව විසින් වව්නියාව මඩුකන්ද ප‍්‍රදේශයේදී සංවිධානය කරන ලදී.
ඉල් මහ විරු සමරුවක් වව්නියාවේ පවත්වන ලද පළමු අවස්ථාව මෙය වන අතර කොළඹ පැවති විරු සමරු උත්සවය සඳහා එක්වීමට නොහැකි වූ වව්නියාව ප‍්‍රදේශයේ සාමාජිකයින්ගේ හා හිතවතුන්ගේ ඉල්ලීම මත මෙම උත්සවය සංවිධානය කර තිබේ.
මෙම සමරු උත්සවය සඳහා වව්නියාව වාරිකුට්ටු, ඉරට්ටපෙරියකුලම්, සිදම්බරම්පුරම් කඳවුර, මඩුකන්ද, ඉනාමඩුව යන ප‍්‍රදේශ නියෝජනය කරමින් ජ.වි.පෙ. සාමාජිකයෝ හා හිතවත්තු එක්ව සිටියහ.
විරු සමරුවේ සමරු දේශන ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා සහ බස්නාහිර පළාත් හිටපු මන්ත‍්‍රී මරුන්ගන් මෝගන් සහෝදරයා විසින් පවත්වන ලදී.”














