ත්‍රීකුණාමලය කැලෑවකින් මිනිස් ඇටකටු හමුවේ

ත්‍රිකුණාමලය උප්පුවේලී පොලිස්‌ වසමට අයත් විල්ගම ලඳු කැළෑවක තිබී මියගිය පුද්ගලයකුගේ ඇටසැකිල්ලක්‌ පසුගිය 13වනදා හමුවී තිබේ.

119 හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක්‌ මත උප්පුවේලී පොලිස් නිලධාරීන් මෙම ස්ථානය ගොස් ඇති අතර එම මිනිස්‌ ඇටසැකිල්ල පිළිබඳව වැඩිදුර විස්‌තර කිසිවක්‌ මෙතෙක්‌ අනාවරණයවී නොමැත.

මේ සම්බන්ධව වැඩිදුර පරීක්‌ෂණ සඳහා ඇටසැකිල්ලේ කොටස්‌ මාතලේ මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකොට ඇත.

උප්පුවේලී පොලීසිය විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවනු ලැබේ.

Facebook
Twitter
LinkedIn