කහවත්තේ සිද්ධිය ඝාතනයක් බවට සාක්ෂි හමුවේ

කහවත්ත කොටකෙතන වරාපිටියේ එකම පවුලේ සහෝදරියන් දෙදෙනාගෙ මරණය ඝාතනයක් බවට සැක කළ හැකි සාක්ෂි කිහිපයක් හමුවී ඇතැයි වාර්තාවේ.

එක් මළසිරුරක බෙල්ල සිර කළ ලකුණුද අනෙක් තැනැත්තියගේ ගෙළයට පිහි පහරක්ද තිබෙන බව පොලිස් හා රෝහල් ආරංචි කියයි.

ගෙය ගිනි ගැනීමට විදුලි කාන්දුවක් හේතුවී නැති බවද සොයාගෙන තිබෙන අතර රජයේ රස පරීක්ෂක අපරාධය වූ ස්ථානය තවදුරටත් පරීක්ෂාකරමින් සිටී.

මේ සම්බන්ධව අධිකරණ වෛද්‍ය වාර්තාව සෙනසුරාදා උදේ බාරදීමට නියමිතව ඇත.

 

Facebook
Twitter
LinkedIn