ලංගමයේ ඉහළ සිට පහළ දක්වා සෑම නිලධාරියෙක්ම වංචාවට, දූෂණයට දායක වන බවත් ඔවුන් ලංගමයේ දියුණුවට වඩා ලංගමය ප්රපාතයට ඇද දැමීමට කටයුතු කරන අය බවත් ඇමතිවරයා ප්රකාශ කළේය. තමන් විසින් පත්කරන නිලධාරීන් දූෂිතයන් බව ඇමතිවරයා පිළිගන්නා බව මින් තහවුරු වේ. ඊයේ (01) උඩහමුල්ල ඩිපෝවේ පැවති උත්සවයකදී ඔහු මේ බව පැවසීය.
ලංගමය තුළ වැඩ වර්ජනය කිරීමට අයිතියක් නොමැති බවත් එලෙස සේවක වර්ජනවලට මැදිහත්වන වෘත්තීය සමිති නායකයින් ඉවත්කිරීමට කටයුතු කරන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.
Views: 0









