කහවත්ත , කොටකෙතන, පන්සල පාරේ ගිනිබත්වූ නිවසක් තුල හඳුනාගත නොහැකි තරමට පිලිස්සී ගිය අභිරහස් කාන්තා මළසිරුරු දෙකක් තිබීම නිසා කහවත්ත ප්‍රදේශය යලිත් භීතියෙන් ඇලලී ගොස් තිබේ. මියගොස් ඇත්තේ හැට එක් හැවිරිදි සේතුන්ගේ දයාවතී සහ පනස් එක් හැවිරිදි සේතුන්ගේ තිලකාවතී යන අක්ක නගෝ දෙදෙනෙකි. ඔවුන්ගේ මරණ සැක සහිත බව පොලිසිය කියයි.
අසල්වැසි නිවෙසක සිටි අයට ශබ්දයක් ඇසි එම නිවැසියන් ඒ ගැන සොයා බලද්දී නිවෙස ගිනි ගන්න ආකාරය දැක තිබේ.
ගින්න නිවීමට ප්‍රදේශ වාසීන් දැඩි උත්සාහයක් ගෙන ඇතත් ඒ වන විට නිවෙස තුල ගින්න පැතිරී ගොස් තිබු බැවින් එය සාර්ථක වී නැත. නිවසේ එක් කොටසක් පමණක් ගින්නෙන් ගලවා ගැනීමට පොලිසියට හා ප්‍රදේශ වාසීන්ට හැකිව තිබේ.
නිවසේ ජනේලයක යකඩ කූරක් ගැලවීමට දරා ඇති උත්සාහය හා ඉදිරිපස දොර අසල බිත්තියේ ඇති පල්ලමක සලකුණු ආදිය නිසා මෙම මරණ සැක සහිත බව පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීහු කියති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විද්‍යාත්මක අංශය හා ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති අශෝක විජේතිලක මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් ද පරීක්ෂණ පවත්වයි.









