නැගෙනහිර සන්ධාන ලොක්කියක් රක්ෂිත බන්ධනාගාරයට

නැගෙනහිර පළාත් සභාවේ උප සභාපති සහ ත්‍රීකුණාමල නිදහස් සන්ධාන ප්‍රධාන සංවිධායිකා ආරියවතී ගලප්පත්ති මහත්මිය ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුව දින 14ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වූ නඩුවක් හේතුවෙන් ඇය අධිකරණයට කැඳවා තිබූ අතර එදින අධිකරණයට පැමිණි ඇය රෙජිස්ටාර්වරයාට හා අධිකරණ කාර්ය මණ්ඩලයට බැණ වැදී තිබේ. අධිකරණ කටයුතුවලට බාධා කිරීම හේතුව මත ඇය අත්අඩංගුවට ගැනීමට නියෝග ලැබී තිබූ අතර ඇය නීතිඥයකු මාර්ගයෙන් ඊයේ(31) අධිකරණයට භාරවූවාය.

උප සභාපතිනිය විසින් අධිකරණ කාර්ය මණ්ඩලයට තර්ජනය කිරීමට එරෙහිව ත්‍රීකුණාමලය අධිකරණයේ නීතීඥවරු විරෝධතාවකද නිරත වූහ.

Facebook
Twitter
LinkedIn