කහවත්තේ නිදහස්කළ සැකකරු මැරෙන්න හදලා

කහවත්ත දිඹුල්වල තරුණ යුවළක් ඝාතනය කිරීමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණකිරීම්වලින් අනතුරුව නිදහස් කළ තරුණයෙකු සියදිවි නසාගැනීමට තැත්කර ඇතැයි වාර්තාවේ.

අත්අඩංගුවට ගෙන කරනලද ප්‍රශ්නකිරීම්වලින් ඔහු දැඩි සිත් තැවුලට පත්ව සිටි බව ඔහුගේ ඥාතීහු පවසති.

දැඩි සිත් තැවුලට පත්ව සිටි ඔහු පොලීසියෙන් නිදහස්වී පැමිණ වස වර්ගයක් පානය කිරීම නිසා අසාධ්‍යවී ඇති ඔහු මෙ වනවිට කහවත්ත රෝහලේ හදිසිඅනතුරු ඒකකයට රැලගනවිත් තිබේ.

මීට පෙරද කොටකෙතන ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මුදාහළ විවාහකයෙකකුද සිය දිවි නසා ගත් අතර නිර්දෝෂී පුද්ගලයකු වූ තමාට වූ අපකීර්තිය නිසා සිය දිවි නසා ගන්නා බව ඔහු බිරියට කියා තිබිණි.

Facebook
Twitter
LinkedIn