කහවත්තේ කොටකෙතන ගමෙහි තවත් නිවසක් අභිරහස් ලෙස ගිනිගෙන ඇති අතර එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එහි එක් කාන්තාවක් 63 හැවිරිදි මහළු මහවක් වන අතර අනෙක් කාන්තාව 32 හැවිරිදි බවත් ඔවුන් මව සහ දියණිය බවත් වාර්තාවේ.
මීට මාස කිහිපයකට පෙර ද මේ ආකාරයටම මේ ගමේ ගෙයක් ගින්නට හසුවී අක්ක නගෝ දෙදෙනෙක් පිළිස්සී මරුමුවට පත්වූ අතර මෙවැනි මරණ 14කට ආසන්න ප්රමාණයක් මෙම ගමේ දැනට සිදුව ඇත.
එබැවින් මෙයද තවත් එවැනි ඝාතනයක් විය හැකියැයි ගම්වැසියෝ කියති.
පසුගියදා අක්ක නගෝ ඝාතනයට ලක්වූ නිවසට කිලෝමීටරයක් පමණ දුරින් මෙම නිවස පිහිටා තිබේ.
Views: 0









