පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි සංවිධාන හා විද්වද් එකමුතුව මෙහෙයවීමෙන් පෞද්ගලික වෛද්‍යවිද්‍යාලවලට එරෙහි අත්සන් දශලක්ෂයක් අත්සන් කිරීමේ ජනතා පෙත්සම් ඊයේ (18) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටදී සිදුවූ බවත් එයට ජනතා ප්‍රතිචාර ඉතා ඉහළ මට්ටමකි ලැබුන බවත් එම සංවිධානයේ කැඳවුම්කරු වෛද්‍ය අසංග වික්‍රමසිංහ මහතා පවසයි.
ඊයේ මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මෙලනය නියෝජනය කරමින් රුහුණ විශ්වවිද්‍යාලයේ වද්යාපීඨ අචාර්ය සංගමයේ සභාපති ආචාර්ය ජිනසේන හේවගේ මහතා, පෞද්ගලික වෛද්‍යවිද්‍යාලවලට එරෙහි වෛද්‍යවරුන්ගේ සංවිධානයේ කැඳවුම් කරු වෛද්‍ය ඉඳුනිල් විජේනායක මහතා, සේනක බිබිලේ අනුස්මරන සංවිධානයේ සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා, සමස්ථලංකා සුවසේවා සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් හෙදනිලධාරී සයඩ් දයන්ත මහතා, රුහුණු විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ සහ ශිෂ්‍යයන්, සහ කරාපිටිය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරුන් හෙද හේදියන් ඇතුළු සියළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය සහභාගී වූ බවත් ඒ මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් පැවසූවේ “පෞද්ගලික වෛද්යව්යාල වලට එරෙහි පෙත්සම අපි රටපුරා අරගෙන යනවා. ජනතාව අතර පළුල් සංවාදයක් සාකච්ඡාවක් ගොඩනගල ප්‍රළුල් බලවේගයක් ගොඩනගලා මෙම පුද්ගලික වෛද්‍යවිද්‍යාල ක්‍රියාවලිය පරාජයකරන්න අපි කටයුතු කරනවා.” යනුවෙනි.
රුහුණ විශ්වවිද්‍යාලයේ වද්යාපීඨ අචාර්ය සංගමයේ සභාපති ආචාර්ය ජිනසේන හේවගේ මහතා අදහස් දක්වමින් පැවසූවේ ” අපේ රටේ අධ්‍යාපණයට මුදල් වියදම් කරන්නෑ. ඉතියෝපියාව, සෝමාලියාව වැනි රටවලුත් දලදේශීය නිෂ්පාදිතයෙන් විශාල මුදලක් අධ්‍යාපනයට වියදම්කරණවා. නමුත් අපේ රටේ ඉතා සොච්චම් මුදලක් වියදම් කරමින් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන දිසාවට ගමන් කරවමින් ඉන්නවා. මෙයට එරෙහිව සියළුදෙනාම පෙලගැසිය යුතුයි” යනුවෙනි.
පෞද්ගලික වෛද්‍යවිද්‍යාලවලට එරෙහි වෛද්‍යවරුන්ගේ සංවිධානයේ කැඳවුම් කරු වෛද්‍ය ඉඳුනිල් විජේනායක මහතා අදහස් දක්වමින් පවසා සිටියේ නිදහස් අධ්‍යාපනය වනසනවා වගේම බාල වෛද්‍යවරු බිහිකිරීම මගින් සෞඛ්‍ය ක්ෂේත්රයේ ගුනාත්මක භාවය බිඳවැටෙනවා. ඒ නිසා රටේ සියළු දෙනාම මෙයට එරෙහි වියයුතුයි.” යනුවෙනි.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි සංවිධාන හා විද්වද් එකමුතුව මෙහෙයවීමෙන් ඉදිරියේදී දිවයිනේ ප්‍රධාන නගර සහ රෝහල් අසල මෙම පෙත්සම අත්සන් කිරීමට කටයුතු යොදා ඇති බවත් වෛද්‍ය අසංග වික්‍රමසිංහ මහතා පැවසීය.

































