කහවත්තේ මීනීමරුවන් සීබාටත් වැලිගසයි

මීට පෙර කහවත්තේ සිදුවූ ආසන්නතම ද්විත්ව ඝාතනයේ සැකකරුවා සොයාගත් ‘සීබා‘ පොලිස් සුනඛයාටත් මෙවර කිසිඳු ඉවක් ලබා ගැනීමට නොහැකිවී ඇතැයි වාර්තාවේ.

ඊයේ (19) අළුයම මෙම ඝාතනය සිදුවී තිබූ අතර ඒ ආසන්නයේම පොලිස් මුරපොළක්ද පිහිටා ඇත. තනිව පිහිටා නොතිබුණු නිවසේ සිදු වූ ද්විත්ව ඝාතනයේ වැදගත් තොරතුරු සියල්ලම අකාමකා දමන අයුරින් අපරාධය කර ඇති බව පෙනෙන්නේයැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

රහස් පොලිසිය ඇතුළු කණ්ඩායම් පහක් පරීක්ෂණ සඳහා කැඳවා ඇත. මවගේත් දියණියගේත් ඇඟුරු වී ගිය සිරුරු දෙක පිළිබඳ පශ්චාත් මරණ පිරීක්ෂණ රත්නපුර රෝහලේ පැවැත්වෙන අතර රජයේ රස පරීක්ෂක සිද්ධිය වූ ස්ථානය පරීක්ෂාකර තිබේ.

මවගේත් දියණියගේත් මරණයට පෙර වත්තේ තිබූ කොස් ගසක් හා තවත් ගස් දෙකක් කපා දැමුවේ කවුද යන්නත්, මීටර් 40ක් දුරින් වතතේ තේ ගස් අතර අරක්කු බී ‘බයිට්‘ කෑ පුද්ගලයන් සොයා පොලිස් මෙහෙයුම් අරඹා ඇත.

මියගිය දෙදෙනාගෙන් කෙනකුට අයත් බව කියන කරාබුවක බෝලයක් ද සොයාගෙන තිබේ.


Facebook
Twitter
LinkedIn