සංස්ථාවෙන් ‘චිත්‍රපට‘යට තහනමක්

චිත්‍රපට සංස්ථාව විසින් ප්‍රකාශයට පත් කෙරෙන ‘චිත්‍රපට‘ සඟරාව බොදාහැරීම හදිසියේම නතර කර ඇතැයි වාර්තා වේ.

2012 වසරේ ප්‍රකාශයට පත්කළ පළමු වන සඟරාව මෙසේ බෙදාහැරීම අවලංගුකර ඇති අතර මෙම සඟරා තොගය මේ වනවිට සංස්ථා පරිශ්‍රයේ ගොඩගසා ඇත.

සඟරා බෙදාහැරීම අවලංගු කිරීමට හේතුව ලෙස වාර්තා වන්නේ ‘කුස-පබා‘ චිත්‍රපටය පිළිබඳ පළවූ විචාර ලිපියක් බවයි. එම ලිපිය මගින් කුස-බපා චිත්‍රපටය සහ පාලන තන්ත්‍රය දැඩිව විවේචනයට හසුකර තිබීම මෙයට හේතුව වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn