කොටකෙතන ඝාතනවලට දේශපාලන බලවතුන්ගේ සම්බන්ධයක් නැතැයි මිනීමරු දේශපාලකයින් නිදොස් කරමින් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා තම සමුගැනීමේ උත්සවයේදී පවසා තිබේ.
කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ පසුගිය වකවානුවේ සිදු වූ කාන්තා ඝාතනවලට ප්‍රදේශයේ දේශපාලන බලවතුන් හවුල් බවට පළවූ ආරංචි සම්පූර්ණයෙන් ජනතාව නොමග යෑවූ බොරු ප්‍රචාරයන් බව පරීක්ෂණවලින් හෙළිවූ වූයේයැයි එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුණවර්ධන මහතා පවසා තිබෙන්නේ කොටකෙතන ගමේ රැඳී සිටීමට තමන් කලින් බලාපොරොත්තු වුවත් පෞද්ගලික හේතු කිහිපයක් මත එම අදහස් වෙනස්කර ගත් බවයි.
කෙසේ වෙතත් එහිදී සිදුවූ මිනීමැරීම්වලට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාඥයෙක් සහ ඔහුගේ දේශපාලන හිතවතුන් සහ ඥාතීන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ඒ වනවිටත් ජෝන් සෙනෙවිරත්න ඇමතිවරයාගේ සම්බන්ධීකරන ලේක්මවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.









