කහවත්තේ කාන්තාවෝ විරෝධතාවයේ

තම ජීවීත ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් කහවත්ත කොටකෙතන කන්තාවෝ 700ක් පමණ පිරිසක් අද (03) උද්ඝෝෂණයක් කළහ. 2007 සිට 2012 නොවැම්බර් වන විට කොටකෙතන, ඕපාත, වරාපිටිය, දිඹුල්වල ආදී ගම්වල කාන්තාවෝ 15 දෙනෙක් අභිරහස් ලෙස මරා දමා ඇතැයි එහිදී එවූහු අවධාරණය කර සිටියහ.

පොලිස් අත්අඩංගුවට ගෙන නිදහස් කළ ගැමියෙක් පසුව සිය දිවිනසා ගත්තේ තමාට එල්ල වූ අද්භූත චෝදනා නිසා ගමට මුහුණ දිය නොහැකි බව කියමිණි.

පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවකු අධිකරණයට පවසා ඇත්තේ තමාට කෘර වදහිංසා කර බලෙන් කටඋත්තර ගත් බවයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් මුරපොළ හා වෙස්වළාගත් පොලිස් කණ්ඩායම් ගණනාවක් දිවා රෑ යොදවා සිටියදී නාඳුනන පුද්ගලයකුට ගමට ඇතුළු වීමට ඉඩක් නැති බවත්

ගමට ඇතුළු වන හැම කෙනකුම තම අනන්‍යතාවය සඳහන් කළ යුතු බවත් එසේ නොකර ඇතුළු වීමට ඉඩක් නැතිව තිබියදී කාන්තාවන් මරා දැමීම බලවත් අභිරහසක් බවත් ගැමියෝ පවසති.

මෙම සිදුවීම් නිසා ජනජීවිතද අවුල්වී තිබේ.

Facebook
Twitter
LinkedIn