කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළුව තවත් පොලිස් නිලධාරීන් යොදවා ඇතැයි වාර්තා වේ.
කොටකෙතන ප්‍රදේශයේ අවසන් වරට සිදුවූ ද්විත්ව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනිමත් සමග ඊයේ (02) පස්වරුවේ එම ප්‍රදේශයේ දැඩි නොසන්සුන්තාවක් නිර්මාණය වෙමින් පැවති හෙයින් මෙසේ ආරක්ෂාව තර කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සදහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවද පැවැසේ.
Views: 0









