නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකුට එරෙහිව එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් ගැනීම සම්බන්ධයෙන් මහාධිකරණය ඉදිරියේ නඩුව විභාග කිරීම ආරම්භ කිරීමත් සමඟ ලිමිනි රාජපක්ෂ සම්බන්ධයෙන් සංවිධානාත්මක ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ පොහොට්ටු පක්ෂය දැනටමත් නාමල් රාජපක්ෂ වැරදිකරුවෙකු ලෙස පිළිගනිමින් එම ප්‍රචාරක ව්‍යාපාරය දියත් කර ඇති බවයි. “අනාගත සිංහ දේණුව, මීළඟ විධායක ජනාධිපතිනිය” ආදී වශයෙන් හඳුන්වමින් අලුත් ප්‍රචාරක ව්‍යාපාරය දියත් කර තිබේ.
නාමල් රාජපක්ෂ සමඟ ශමින්ද්‍ර රාජපක්ෂ සහ ප්‍රියංකා නියෝමාලි (කපිල චන්ද්‍රෙස්නගේ බිරිඳ) ඇතුළු 5 දෙනෙකුට එරෙහිව අධිචෝදනා බාර දී තිබේ. මේ අතරින් ශමින්ද්‍ර සහ ප්‍රියංකා යන දෙදෙනා රටින් පළා ගොස් විදේශයක සැඟවී සිටින්නේ අධිකරණය ඉදිරියේ තම නිර්දෝෂීභාවය ඔප්පු කළ නොහැකි නිසාවෙන් බව තහවුරු වී තිබේ.
ඒ අනුව නාමල් රාජපක්ෂ ද අදාළ අල්ලස් ගැනීම සම්බන්ධයෙන් වැරදිකරු බව නඩුවේ තීන්දුව ලැබීමටත් පෙර පොහොට්ටු පක්ෂය විසින් තීන්දු කර ලිමිනි රාජපක්ෂ සම්බන්ධයෙන් ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති බව තහවුරු වේ.
.










