කැලණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හා මහජන සබඳතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා විසින් පොලිස්පතිවරයා වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසයි.
මර්වින් අමාත්‍යවරයා හා කැලණිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර ඇතිව තිබෙන ගැටුමට අදාළ කරුණු එම පෙත්සමේ ඇතුලත්වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සදහන් කරයි.
මේ අතර පසුගියදා මර්වින් සිල්වා මහතාට එරෙහිව කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පිරිසක් විසින් පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම ආරක්ෂක ලේකම් වරයාටද පැමිණිලි 12 ක් ඉදිරිපත් කලේය. එම පැමිණිලි වල සදහන් වූයේ අමාත්‍යවරයා විසින් කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පසුගිය සමයේ සිදු වූ කප්පම් ගැනීම්, බියවැද්දීම් ඇතුළු අයථා ක්‍රියා පිළිබඳවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ, දෙපාර්ශවයේම පෙත්සම් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ෂණ ඒකකය පරික්ෂණ ආරම්භ කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් කැලණිය ව්‍යාපාරික ප්‍රජාව සහ ජනතාව පවසන්නේ අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරු අතර ඇතිවූ විරකස භාවය නිසා මේ දිනවල කප්පම් ගැනීමට කිසිවෙකු නොපැමිණෙන නිසා තමන්ට රිසිසේ ජීවත්වීමේ වටපිටාවක් ප්‍රදේශයේ හටගෙන ඇති බවයි.
ආශ්‍රිත පුවත්
කැලණියෙන් පැමිණිලි 12 ක්
කැලණියේ දෙපැත්තෙම කට වැහුවා - සිරිසේන
මන්ත්‍රීන්ට මර්වින්ගෙන් රතු එළියක්
මර්වින් විරෝධය රාජපක්ෂ ගැටුමක් !









