16 වෙනිදායින් පස්සේ මගේ පක්ෂ සාමාජිකත්වය තහනම් වෙයි – දයාසිරි

16 වෙනිදායින් පසු  තමාගේ පක්ෂ සාමාජිකත්වයත් තහනම් වෙතැයි තමා සිතන බව එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ කුරුණෑගල, පොල්පිතිගමදී පැවසීය.

තමාට පක්ෂයේ කුමන තනතුරක් අහිමිවුව ද කිසිවකුටත් කථා කිරීමේ නිදහස අහිමි කළ නොහැකි බව පැවසු මන්ත්‍රීවරයා, වැඩිදුරටත් මෙසේද සදහන් කළේය.

“මම හිතන්නේ, 16 වෙනිදායින් පස්සේ  මගේ පක්ෂ සාමාජිකත්වය තහනම් වෙයි. ඒ විතරක් නොවෙයි කුරුණෑගල දිස්ත්‍රික්ක‍යේ මගේ පඩුවස් නුවර ආසනයේ සංවිධායකකමත් තහනම් වෙයි . එත්,  මේ රටේ මිනිස්සුන්ට කතා කරන්න තියෙන අයිතිය අහෝසි කරන්න කිසිම ජගතෙකුට හැකියාවක් ලැබෙන්නෙ නැහැයි කියන එක විතරක් මම තමුන්නාන්සෙලාට අවධාරණය කරන්න කැමතියි. මම කල්පනා කෙරුවේ මේවගේ දෙයක් අපේ මහින්ද රාජපක්ෂ මහත්මයා මට කරයි කියලා. ඉතින්  බලපුවහම  අපේ පක්ෂයෙන්ම තමයි දැන් අපිට විලංගු දාලා තියෙන්නේ”

මන්ත්‍රීවරයාගේ විපක්ෂයේ නියෝජ්‍ය සිවිධායක ධූරයද මේ වන විට අහිමි‍වී ඇත.

ආශ්‍රිත පුවත් :- දයාසිරි දොට්ට

 

 

Facebook
Twitter
LinkedIn